Tuesday, November 3, 2009

සීලෙන්ටරේටා - Coelenterate / Cnidaria.
ප්‍රධාන ලක්ෂණ
ව්‍යාප්තිය - ජලජ පරිසරයේ කරදියේ මෙන්ම මිරිදියේ ව්‍යාප්ත වී ඇත. වැඩි සංඛ්‍යාවක් කරදිය වාසීන් වේ.

ජීවී විලාසය-
උපස්ථරයකට ඇලී ඹත් ජීවිතයක් ගත කරමින් හෝ නිදැල්ලේ චලනය වෙමින් ජීවත් වෙයි. හුදකලාව මෙන්ම ඝනාවාසීව ජීවත් වන සතුන් අයත් වෙයි.

දේහ සංවිධානය -
01. අරීය සමමිතිකතාවය මෙන්ම ද්විපාර්ශවික සමමිතිනතාවය පෙන්වන සතුන් ඇත. වැඩි සංඛ්‍යාවක් අරීය සමමිතික වෙයි.
02. ද්වී ප්‍රස්ථර සතුන් වෙයි.
03. ඛණ්ඩනයක් සිදුවී නැත.
04. දේහය භාහිර බිත්තියකින්ද අභ්‍යන්ථතරය කුහරයකින්ද සෑදෙයි. අභ්‍යන්ථතර කුහරය සීලෝමාන්ත්‍රය හෙවත් ආන්ත්‍රිකය ලෙසට නම් කරනු ලැබෙයි. එය මුඛය ලෙසට නම් කරන තනි විවරයකින් පිටතය විවෘත වෙයි.
05. පටක මට්ටමේ සංවිධානයක් ඇත. පද්ධති / ඉන්ද්‍ර්ය මට්ටමේ සංවිධානයක් නැත.
06. ග්‍රාහිකා ඇත. ඒවා මුඛය වටා හෝ දේහයේ දාරයේ පිහිටයි.
07. සීලෙන්ටරේටාවන්ගේ බුහුබාවා සහ මෙඩුසා ලෙසට ජීවාංග වර්ග 2ක් ඇත. ඒවායේ ප්‍රධාන වෙනස්කම් පහත වගුවේ දක්වා ඇත.

බුහුබාවා ආකාරය
මෙඩුසා ආකාරය
සිලින්ඩරාකාරය
උපස්ථරයකට ඇලී ජීවත් වෙයි.
හුදකලාව හෝ ඝනාවාසීව ජීවත් වෙයි.
ග්‍රාහිකා මුඛය පෙදෙස වටා ඇත.
ග්‍රාහිකා උඩු අතට යොමු වී ඇත.
කුඩයක් ආකාරයේ හැඩයක් ගනී.
නිදැල්ලේ චලනය වෙමින් ජීවත් වෙයි.
හුදකලාව ජීවත් වෙයි.
ග්‍රාහිකා දේහයේ භාහිර මායිමේ ඇත.
ග්‍රාහිකා පහළට යොමු වී ඇත.

Monday, September 28, 2009

ජීවීන් වර්ගීකරණය සහ නාමකරණය


ජීවීන් වර්ගීකරණය
ජීවීන් ප්‍රධාන කාණ්ඩ 3කට බෙදේ.
01 ශාක 02 සතුන් 03 ක්ෂුද්‍ර ජීවීන්
1. 1 ශාක වර්ගීකරණය කිරීම.
ශාක ප්‍රධාන කොටස් 2ක් යටතේ වර්ග කරනු ලැබේ.
1. සපුෂ්ප ශාක
2. අපුෂ්ප ශාක

1 .සපුෂ්ප ශාක
මල් හටගන්නා ශාක සපුෂ්ප ශාක නම් වේ.
මල් හටගන්නා විට ඵ